26.1 C
Colombo
Tuesday, January 13, 2026

‘පියුමා’ තවදුරටත් රිමාන්ඩ්

Published:

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් “පියුමා ” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළා.

මෙම නඩුව ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සූම් තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු බන්ධනාගාරගත කර තිබෙන අතර ඔහුට එරෙහි විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

‘කුඩු සලිඳු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයෙකු බව කියන මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වලට භාජනය වී සිටි තැනැත්තෙකු බවත් පොලීසිය සඳහන් කරනවා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img