ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජිත සීයයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් සංවිධානය කළ මහජන උපදේශන ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන අද (8) දින පවත්වනු ලබනවා.
“2025 තුන්වන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය” (3rd Electricity Tariff Revision 2025) ලෙස නම් කර ඇති මෙම සැසිය BMICH හිදී පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර, ලියාපදිංචිය පෙරවරු 8.30 ට ආරම්භ වී තිබෙනවා.
මේ වන විට රට පුරා මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් සැසි පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවත්, වාචික සැසි සඳහා 400 කට අධික පිරිසක් සම්බන්ධ වී ඇති බවත් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියා.