ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිස ලෙස එක්ව සිටිනවා.
ඔවුන් අද (28) දින උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එරට ජනාධිපති මොහොමද් මුයිසුගේ ආරාධනයක් මත මාලදිවයිනේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා එළඹෙන 30දා දක්වා එරට රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම සංචාරය අතරතුර දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඊට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිතයි.