27.8 C
Colombo
Monday, August 25, 2025

ඊ – කොමස් අවුල ගැන ජනපති අනුරගෙන් උත්තරයක්

Published:

දැනට උද්ගතව ඇති විද්‍යුත් වාණිජ්‍ය හෙවත් ඊ – කොමස් ගැටලුව පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා පාරිභෝගිකයා මූලික කර ගත් කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත්තේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති හමුවකදීයි.

එහිදී රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳව ද එහිදී අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img