28.4 C
Colombo
Friday, August 22, 2025

රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීමේ සූදානමක්

Published:

රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශකර සිටියේ.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7කට පමණ පසුව බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනීම සිදුකරන අතර සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img