25 C
Colombo
Monday, October 13, 2025

ප්‍රසන්න රණතුංගගේ ඇපෑල ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

Published:

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම අභියාචනය අද මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන් , දමිත් තොටවත්ත සහ අමල් රණරාජාගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට කල් ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාට චෝදනා එල්ල වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img