27.8 C
Colombo
Monday, July 7, 2025

පාතහේවාහැට සහ බිංගිරිය ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයට

Published:

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගයට අද (19) හැකි වුණා.

ඒ අනුව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජනායක මහතා පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගත්තා.

මේ අතර බිංගිරිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමටද සමගි ජන බලවේගයට අද (19) සමත් වුණා.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් මහතා නව සභාපතිවරයා ලෙස අද තේරී පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img