පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර නිවිතිගල සහ නුවර එළිය අඹගමුව ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයට අද (26) හිමි වුණා.
රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණා.
එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් නාවලගේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.
මේ අතර නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ද අද පැවැත්වුණා.
සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කපිල නාකන්දල මහතා නව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.