පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වූ අඛණ්ඩ වැඩවර්ජනය මේ මොහොතේ සිට නවතා දමන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බංඩාර පවසනවා.
අද විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව තැපැල් වෘත්තීයමිති මෙම තීරණයට එළඹ තිබුණා.
අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරිපත් කළ ප්‍රධන ඉල්ලීම් දෙකක් පිළිබඳ රජය සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව මුල සිටම ප්‍රකාශ කළ අතර ඉතිරි ඉල්ලීම් 17 පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව සාකච්ඡාවේදී දැනුම් දුන් බවයි.
ඒ අනුව වැඩවර්ජනයේ නිරත වූ සියලුම තැපැල් සේවකයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ගොඩ ගැසුණු ලියුම් සහ පාර්සල් සම්බන්ධයෙන් වෘත්තීය සමිති වලට අදාළ සියලුදෙනා පැමිණ නොපමාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.