අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර දී පොලීසිය වෙඩි තබා තිබෙනවා.
කතරගම මාතර මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙසට සංඥා කර තිබෙනවා.
එම අණ නොතකා මෝටර් රථය ධාවන කළ මොහොතේ පොලිස් නිලධාරීන් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.
නොනවත්වා ධාවනය වූ මෝටර් රථය රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රය ආසන්නයේ ඇති තාප්පයක් සහ මාර්ග සංඥා පුවරු යටකර මාතර දෙසට ධාවනය කරමින් තිබූ අතර මැදවත්ත ජනරාජ මාවතෙන් මෝටර් රථය හරවා පලා යාමට උත්සහ දරා තිබෙනවා.
මෝටර් රථයේ පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.




Considering using tt88bet. How easy is it to navigate? I don’t want to spend hours trying to find the games I want!
If you’re looking for some excitement x777live is where it’s at! Good luck!: x777live