31 C
Colombo
Saturday, February 28, 2026

මිද්දෙණිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

Published:

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් දෙකෙන් ලබා ගත් සාම්පල 20න් 5කම අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා අද පැවසුවා.

ඒ පොලිස් මාධ්‍ය කොට්ඨාශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අදාළ ඉඩමේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට භාර දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අයිස් මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් වන බවත් එය ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනයට ගත් ප්‍රබල උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කළ බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,503FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img