සක්‍රීයව යුද හමුදා සේවයේ රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එම පිරිස වසර 05 ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.