හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිතව තිබෙනවා.
මේ අනුව ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20කින් යුත් එක්සත් ජනපද සාම සැලැස්මේ ඇතැම් කොටස් සඳහා හමාස් සංවිධානය එකඟ වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි.
සාකච්ඡා ඉතා සාර්ථක බවත් පළමු අදියර මෙම සතියේම අවසන් කළ යුතු බවත් ඒ අනුව සියලු දෙනා ඉක්මනින් ඉදිරියට යන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ට්‍රම්ප් පවසනවා.
මේ අතර හමාස් කණ්ඩායම් ප්‍රධානී කලීන් අල් – හයියාගේ නායකත්වයෙන් යුත් හමාස් සංවිධානයේ පිරිසක් ගැටුම් නැවැත්වීම සඳහා වූ සාකච්ඡා සඳහා ඊජිප්තුවට පැමිණ ඇති බවද් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය මාසයේ කටාර් අගනුවර දෝහා හී ඊශ්‍රායල ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමෙන් පසු ඔහු ඊජිප්තුවට කළ පළමු සංචාරයද මෙයයි.




Seriously, forgetting passwords is my superpower. This pokerstarslogin link has saved my bacon so many times. Quick and easy login process, no messing about.
¿Quién no ama un buen bono? Bono777 suena prometedor. Si buscas promociones y ofertas, este sitio podría tener lo que necesitas. Exploren bono777 para ver qué tal.