25.6 C
Colombo
Monday, January 12, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

Published:

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුකරයක් ඉකුත් දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අර්ච්චුනා මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තූ නිකුත් කර තිබු අතර ඒ අනුව අර්ච්චුනා මන්ත්‍රීවරයා පොලීසිය වෙත භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ අර්ච්චුනා මන්ත්‍රීවරයා ඔහුට නියම කළ පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කළා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img