30 C
Colombo
Tuesday, July 29, 2025

බොරැල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරු අත්අඩංගුවට

Published:

අද (28) උදෑසන බොරැල්ල කනත්ත හංදිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර රියදුරා සහ දොඹකර රථයේ හිමිකරු හෙට අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරා ගංජා පානය කර ඇති බවට තහවුරු වී ඇති බවට අදාළ රියදුරු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වූ බවයි බොරැල්ල පොලීසිය සඳහන් කළේ.

අද උදෑසන බෞද්ධාලෝක මාවතේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ දොඹකර රථය බොරැල්ල කනත්ත වට රවුමේ මාර්ග සංඥා අසලදී යතුරුපැදි 6 ක සහ මෝටර් රථ 3 ක ගැටී අනතුරක් සිදුවුණා.

මාර්ග සංඥා හේතුවෙන් රථ වාහන නතර කර තිබියදී දොඹකර රථය වාහන පෙළ යටකරගෙන වේගයෙන් ඉදිරියට ගමන් කරන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබුණා.

දොඹකර රථයට යටවූ යතුරුපැදි කිහිපයක් රථය තුළ සිරවී ඇති ආකාරය ද දක්නට ලැබුණා.

අනතුරින් එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලැබූ තවත් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වනවා.

රියදුරුගේ නොසැලකිලිමත් බව හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img