26.1 C
Colombo
Tuesday, July 22, 2025

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

Published:

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියම කළේ, අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා යළි කැඳවන ලෙසයි.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img