එලොන් මස්ක් අභිබවා යමින් ඔරකල් හි සම-නිර්මාතෘවන ලැරී එලිසන් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
ඒ එලිසන්ගේ ධනයෙන් සැලකිය යුතු කොටසක් වන ඔරකල් හි කොටස් සියයට 40 කට වඩා ඉහළ යාමෙන් පසුවයි.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ඊයේ උදෑසන වන විට එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 393 (£290bn) දක්වා ඉහළ ගියා.
එය මස්ක්ගේ ඩොලර් බිලියන 385 (£284bn) ඉක්මවනවා.