ඉරානයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් අවශ්‍ය නම් සති හතරක් හෝ පහක් දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වොෂින්ටනයේ අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් මෙහෙයුම් නතර නොවන බවයි ඔහු පැවසුවේ.
එක්සත් ජනපද ජීවිත හානි වැඩි වීමේ හැකියාව පිළිබඳව අනතුරු ඇඟවූවත්, ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට සටනේ තීව්‍රතාවය පවත්වා ගැනීම දුෂ්කර නොවනු ඇති බවද ට්‍රම්ප් නිව් යෝර්ක් ටයිම්ස් වෙත සඳහන් කළා.



