25 C
Colombo
Tuesday, October 14, 2025

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

Published:

අද (24) අලුයම 12.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩිතැබීම සිදුව ඇත්තේ බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img