අද (03) අලුයම තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි අනතුර සිදුව තිබුණේ.
වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසක්.
වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙක්.
තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.




Been using the bet10app on my phone, and it’s pretty decent. Easy to place bets on the go. Less time fiddling, more time winning (hopefully!). Check out bet10app for mobile betting.
Yo, anyone else stumble across welcometos666? It’s got a…unique flavor. Not for everyone, but if you’re lookin’ for somethin’ different, check it.