මැදපෙරදිග පුරා තෙල් හා ගෑස් පහසුකම් වසා දමා ඇතැයි වාර්තා වනවා.
ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු සෞදි අරාබිය අද එහි විශාලතම දේශීය තෙල් පිරිපහදුව වසා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර සහ ඉරාන පළිගැනීම් හේතුවෙන් මැද පෙරදිග පුරා තෙල් හා ගෑස් පහසුකම් වසා දැමීමට සිදුව තිබෙනවා.
කටාර් එනර්ජි සමාගම ද ප්‍රහාර හමුවේ ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදනය නතර කරන බව නිවේදනය කළා.



