28.4 C
Colombo
Wednesday, July 9, 2025

වසර 6 කට පසු බංග්ලාදේශයට එරෙහිව ලැබූ එක්දින තරගාවලි ජය

Published:

සංචාරක බංග්ලදේශ කණ්ඩායම සමඟ අද (8) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 99 කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින්.

අද අවසන් තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7 ක දැවී ලකුණු 285 ක රැස් කළා.

එහිදී සිය 06 වන එක්දින ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ලකුණු 124 ක් රැස් කළ අතර ඊට 4 පහර 18 ල ඇතුළත්.

නායක චරිත් අසලංක ලකුණු 58 ක් වාර්තා කළා. ඒ ඔහුගේ එක්දින දිවියේ 16 වැනි අර්ධ ශතකය යි.

පැතුම් නිස්සංක ලකුණු 35 යි.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් සහ මෙහිදි හසන් මිරාස් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හිමි වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 186 ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් Towhid Hridoy ලකුණු 51 ක් රැස් කළ අතර Parvez Hossain Emon සහ Mehidy Hasan Miraz ලකුණු 28 බැගින් රැස් කළා.

Jaker Ali ලකුණු 27 යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 3 බැගින් ද දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් ද දවාගත්තා.

අවසන් තරගයේ වීරයා සහ තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ කුසල් මෙන්ඩිස්.

දෙරට අතර තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලිය අනිද්දා (10) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 ට ආරම්භ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,219FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img