වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන 2025 වසරේ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.
මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී වෙත අදාළ නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන බවට ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව අද (06) නිවේදනය කළා.
ඒ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයට හානියක්වීම වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ පර්යේෂණ වෙනුවෙන්.
මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් යන විද්‍යාඥයින් දෙපළ අමෙරිකානු ජාතිකයින් වන අතර, විද්‍යාඥ සකගුජි ජපාන ජාතිකයෙක්.