පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරනවා.
ඔහු කියා සිටින්නේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් කිසිදු පදනමක් නොමැතිව ප්‍රතික්ෂේප කළ බවයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කතානායකතුමා නිවැරදිව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සහ විපක්ෂයේ අයිතීන් ආරක්ෂා නොවන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කතානායකතුමාට ඵරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.