ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉදිරි පැය කිහිපය තුළ එය ආරම්භ වනු ඇති බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ.
ඉරානය හෝ ඊශ්‍රායලය මෙතෙක් සටන් විරාම ගිවිසුමක් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉරානයට කිසිදු සටන් විරාම යෝජනාවක් ලැබී නොමැති බවයි.
මේ අතර ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු බවට කොන්දේසියක් මත ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රමාත්‍ය අතර අදාළ සාකච්ඡා පවත්වා ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත් කිසිඳු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා.
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.