26.1 C
Colombo
Tuesday, January 13, 2026

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ

Published:

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙතෙක් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක අද (12) පෙරවරුවේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි පුරප්පාඩු වූ එම තනතුරට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ඇත්තේ.

පසුගියදා අනුරාධපුර අධිකරණයෙන් දඬුවම් නියම සිරගත කර සිටි සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතිකව මුදා හැරීමේ සිදුවීමෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙවන් තත්ත්වයක් මතයි ගාමිණී බී. දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා වෙත යොමු කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img