නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ දේශපාලන අරමුණින් යුතු සාවද්‍ය ප්‍රකාශ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර නොමැති බවයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
2026 වසරේ සිට පාසල්වල කාලපරිච්ඡේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩු කිරීමත්, එක් කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50 දක්වා වැඩිකිරීමත් ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,
“අපි මේක හැදුවෙම තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ළමයෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එතකදී අපි අනිවාර්යයෙන් සාකච්ඡා කරපු දෙයක් තමයි ඉතිහාසය හා සෞන්දර්යය කියන විෂයන් දෙක හරිම වැදගත් කියන එක. stem subjectවලට යන දරුවෙක්ට වුණත් ඉතිහාසය හා සෞන්දර්යය තෝර ගන්න වෙනවා. කළමනාකරණය තෝර ගන්න ළමයාටත් ඉතිහාසය සෞන්දර්යය අනිවාර්යයි. skills sector එකේ යන ළමයට වුණත් ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යයි. හරිම අවාසනාවන්ත විදියට මේ මුළු කතන්දරය කියන්නේ නැතුව අර මැද්දේ තියෙන එක විතරක් දාලා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය මාලාවෙන් හලලා කියලා ඉතාම අසත්‍ය මතයක් සමාජයේ තුළ ගොඩනගන්න හදනවා. මේක ඕනෑකමින් මේක කඩාකප්පල් කරනවා. ඒක හරිම වැරදියි. අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා. ඉතිහාසය සහ සෞන්දර්යය කොහෙන්වත් අපි හලලා නෑ”