30 C
Colombo
Monday, September 29, 2025

ජගත් මහමණ්ඩල සැසියට ආ නෙතන්යාහුගේ QR කේතය

Published:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිටියදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම කබායේ විශාල QR කේතයක් සහිත බොත්තමක් පැළඳ සිටිනු දක්නට ලැබුණා.

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට තම රටේ ක්‍රියාමාර්ග පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එම කේතය ස්කෑන් කර බලන ලෙසයි ඔහු එහි පැමිණ සිටි රාජ්‍ය නායකයන්ට සහ නරඹන්නන්ට තරයේ කියාසිටියේ.

මෙම කේතය ස්කෑන් කිරීමෙන් පසුගිය 2023 ඔක්තෝබර් 07 වන දින දකුණු ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවල බිහිසුණු රූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට පිවිසීමට හැකියි.

එම වෙබ් අඩවියට පිවිසෙන අයට එය නැරඹීමේදී අවවාදාත්මක අනතුරු ඇඟවිමක් ද කෙරෙනවා.

මෙම වෙබ් අඩවිය ඔස්සේ හමාස් සංවිධානය වෙත මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා එල්ල කරනවා.

අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙම අවස්ථාවේදී, ඊශ්‍රායලය කිසිවිටෙකත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිනොගන්නා බවට වූ තම ප්‍රකාශය නැවත අවධාරණය කර සිටියා.

අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ සැසිවාරය නෙතන්යාහු ඇමතීමේදී රාජ්‍ය නායකයන්ගෙන්, නියෝජිතයන්ගෙන් විශාල පිරිසක් සභාවෙන් පිටතට ගියේ ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර, පීඩනයට විරෝධය දක්වමින්.

“ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් පස්සේ ජෙරුසලමෙන් සැතපුමක් දුරින් පලස්තීනුවන්ට රාජ්‍යයක් ලබා දීම යනු, සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ නිව්යෝර්ක් නගරයේ සිට සැතපුමක් දුරින් අල්කයිඩාවට රාජ්‍යයක් ලබා දෙනවා හා සමානයි.” යැයි ද නෙතන්යාහු වැඩිදුරටත් කියාසිටියා.

“ත්‍රස්ත රාජ්‍යයක් අපේ බෙල්ලේ එල්ලන්න අපි ඔබට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන්ද නෙතන්‍යාහු අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img