24.5 C
Colombo
Tuesday, January 13, 2026

නේපාලයේ සමාජ ජාල 26 ක් තහනම් – Facebook YouTube WhatsApp ඒ අතර

Published:

නේපාලයේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා නේපාලයේ ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ලින්ක්ඩින් ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාල ගණනාවක් තහනම් කර තිබෙනවා.

ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුවයි.

දේශීය හෝ විදේශීය වේවා සියලුම සමාජ ජාල නිල වශයෙන් ලැයිස්තුගත කොට රජයේ ලියාපදිංචි විය යුතු බවට අධිකරණ නියෝගයේ දක්වා තිබෙනවා.

හානිකර සහ නීතිවිරෝධී පළකිරීම් වැළැක්වීම සඳහා නේපාල රජය විසින් සමාජ ජාල අධීක්ෂණයට පියවර ගෙන තිබුණා.

ඒ යටතේ ක්‍රියාත්මක වීමේදී මතුවු කරුණු හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යොමුවී ඇති අතර සමාජ ජාලවලට රජයේ ලියාපදිංචි වන ලෙස දන්වා තිබෙනවා.

ඒ සඳහා ලබාදුන් කාලය පෙරේදායින් අවසන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img