29 C
Colombo
Sunday, October 12, 2025

ජනාවාස සතිය අද සිට 5 වෙනිදා දක්වා

Published:

ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි සමාරම්භය අද (01) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

“ තමන්ටම නිවසක් – ලස්සන ජිවිතයක්“ මෙවර ජනාවාස සතියේ තේමාව බව සඳහන් කළ අමාත්‍යවරයා තමාටම අයත් නිවසක් හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණ බවද පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම සතියට සමගාමීව නිවාස අධාර ලබා දීම, නිවාස හිමිකම් ඔප්පු ලබා දීම ඇතුලු වැඩසටහන් රැසක් සිදු කෙරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා පළමු අදියර යටතේ නිවාස 2846ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද පැවසුවා.

එසේම පළමු අදියරේදී ඉඩම් ඔප්පු 1000ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද කියා සිටියා.

පරිසරයට හානි නොකරමින් සහ භූමිය තිරසරව භාවිත කරමින් නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සිදු කර බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2025 අයවැය මගින් ද නිවාස ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img