30 C
Colombo
Friday, September 5, 2025

ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරයි

Published:

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා.

ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපිකිරීම් අපිරිමිතයි.

අනෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල හරය වනවා.

මානව සමාජය ගුණ නැන බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බවයි එතුමන්ගේ දර්ශනය වූයේ.

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ සමාජයේ ඇති නැති පරතරය සහ දුරස්බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බවයි.

මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, හුදෙක් ආගමික රාමුවකට සීමා නොවූ, සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්‍රතිපත්ති මාලාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද පවසනවා.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

එමෙන්ම ජාතිය, ආගම, කුලය හෝ තත්ත්වය නොසලකා එකිනෙකාට ගෞරවය, කරුණාව සහ සේවය මත ගොඩනැගුණු විට පමණක් සමාජයක් සමෘද්ධිමත් විය හැකි බව නබිතුමා පෙන්වා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,512FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img