28.4 C
Colombo
Sunday, July 6, 2025

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක් නව ඇමරිකා පක්ෂය අරඹයි

Published:

ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය වන America Party නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ධවල මන්දිරයට පැමිණීමෙන් පසුව ඔහුගේ සමීපතම මිතුරෙක් වූ ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් මේ නව දේශ්පාලන පක්ෂය ආරම්භ කරන්නේ ට්‍රම්ප් සමඟ ඇතිවූ මතභේදයන්ගෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මස්ක්ගේ පක්ෂය එක්සත් ජනපදය තුළ දේශපාලන පක්ෂයක් ලෙස විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවයි ඊලොන් මස්ක් පවසන්නේ.

ඊලොන් මස්ක් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කිරීම හේතුවෙන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර මස්ක්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප් සූදානමින් සිටින බව ද මින් පෙර වාර්තා වුණා.

මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා මස්ක් අමරෙිකානු ඩොලර් මිලියන 250 ක් විදයම් කර තිබූ අතර බලයට පත්වීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් ආයතනවල කාර්‍ය්ක්ෂමතාවය ඇතිකිරීමේ අරමුණින් රැකියා කපාහැරීම හා වියදම් පාලනය වෙනුවෙන් ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් අනුව DOGE ආයතනය පිහිටුවා එහි ප්‍රධානියා ලෙස මස්ක් පත් කිරීමට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img