26.1 C
Colombo
Wednesday, October 15, 2025

කොස්ගොඩ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

Published:

අද (31) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

ඒ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසළ ගඟට පෙරලා දමා තිබිය දී.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයෙකුගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී ඇත්තේ.

අද (31) අළුයම 5.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන තරුණයින් දෙදෙනෙක් විසින් ටි – 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් මියගිය තරුණයා නිවසේ සිටියදී නිවසටම පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදි තහවුරු වූ බවයි කොස්ගොඩ පොලීසිය පවසන්නේ.

මියගිය තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බවද සඳහන්.

ඔහු සිය පියාගේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන ඒම සිදුර තිබෙන බවත් එහිදී ඇති වූ ගැටුමක් මෙම ඝාතනය සදහා මූලික වන්නට ඇතැයි විශ්යාස කරන බවත් පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img