25.6 C
Colombo
Monday, January 12, 2026

සඳ සෙමෙන් පෘථිවියෙන් ඈත් වෙයි

Published:

සඳ සෙමෙන් පෘථිවියෙන් ඈතට ගමන් කරන බව අමෙරිකාවේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා තාරකා විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ඩිකර්බි අනාවරණය කරනවා.

ඔහු පවසන්නේ සෑම වසරකම සෙන්ටිමීටර් 3.8ක් (අඟල් 1.5ක්) බැගින් සඳ පෘථිවියෙන් ඈතට ගමන් කරන බවයි.

පෘථිවියේ විශ්වසනීයම ආකාශ වස්තුවක් වන සඳ පෘථිවිය සමඟ සිටින්නේ වසර බිලියන 4.5ක පමණ සිට බවටයි සැළකෙන්නේ.

කෙසේ වෙතත් සඳ සෙමෙන් ඈත් වීමේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ භ්‍රමණය ද ක්‍රමයෙන් වේගය අඩුවන බවටයි ඔහු පෙන්වා දී ඇත්තේ.

එහි තේරුම වන්නේ ‘දවස’ තවත් දිගු වනු ඇති බව යැයිද ඩිකර්බි පවසා තිබෙනවා.

මෙම අනාවරණයෙන් හෙළිවන තවත් කාරණයක් වන්‍නේ මීට වසර මිලියන 70කට පමණ පෙර, එනම් ඩයිනොසෝර්ලාගේ පෘථිවියේ දිනක කාලය පැය 23.5ක් වූ බව යැයි ද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img