28 C
Colombo
Tuesday, January 13, 2026

ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි

Published:

මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේ.

අමාත්‍යාංශය පැවසුවේ මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවයි.

මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පමණ රැඳි සිටින බවයි.

ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img