27.8 C
Colombo
Thursday, July 17, 2025

මිදිගම රුවන් තවදුරටත් රිමාන්ඩ්

Published:

සංවිධානාත්මක අපරාධකරුවෙකු , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ ඒ එම් ඇස් අබේසිංහ යන අය ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (18) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටියදී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිව් වන සැකකරු වන මිදිගම චූටි හෙවත් ප්‍රභාත් මධුශංක යන අය මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර නඩුවට අදාල වාර්තා ඉදිරි දින අධිකරණයට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,329FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img