මැදපෙරදිගට සහ ඉන් පිටතට පියාසර කරන සියලුම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් තානාපති කාර්යාල සමඟ එක්ව අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප ද මේ වන විට යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
කටාර්, කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ අනුව වසා වසා දමා තිබූ සිය ගුවන් කලාප හළි විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේ.
මේ අතර මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මපවසනවා.
තානාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව සියලු ගුවන් සේවාවලට දැනුම් දී ඇති බවත් ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇති බවයි.
මේ අතර ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කර ඇති අම්මාන් අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
ඒ අනුව අදාළ ගුවන් යානය හෙට දින ගමන් කිරීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.
තවද ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවත් සඳහන් කළ තානාපතිවරයා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 05 දෙනෙකු බවයි.
මේ අතර කටාර්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය ලර තිබෙනවා.
රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙසයි එම කාර්‍යාලය නිවේදනය කරන්නේ.
ඕනෑම හදිසි අවස්ථාවකදී +9471182587 අංකයට සම්බන්ධ විය හැකි බවයි කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ.
මේ අතර කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර මැදපෙරදිග රටවල් හෙළාදැක තිබෙනවා.
සවුදි අරාබිය, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම පහර දීම හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.