28.4 C
Colombo
Saturday, July 12, 2025

මර්වින්ගේ අල්ලස් නඩුවත් කල් යයි

Published:

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළා.

ඒ නඩුව විභාග කරන විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් .

නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා අධිකරණයට පැමිණ සිටියා.

කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් සහ කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන්.

2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවයි චෝදනාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75,000ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,234FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img