ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණා.
සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.
සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදල මෙහිදී එකඟ වුණා.
සෞදි සංවර්ධන අරමුදල දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.
සෞදි අරාබි සංවර්ධන අරමුදලෙන් නව ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර ජනතා අවශ්‍යතාවල ප්‍රමුඛතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට යොදවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.