මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබෙනවා.
ඒ ඡන්ද 12ක් හිමිකර ගනිමින්.
උප සභාපතිවරයා ලෙස ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා නිතරගයෙන් තේරී පත්වුණා.
මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්වුණා.
ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගියා.
ඉන් අනතුරුව සභාවේ ඝණ පූර්ණය සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පැවැත්වා තිබෙනවා.
සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරියක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බව සහ මෙම ඡන්ද විමසීම නීතිවිරෝධී බවයි.
මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහනගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණා.
හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තා.