මෙරට දුගී පවුල් සදහා මූල්‍ය සහාය ලබා දීමේ අරමුණින් පසුගිය රජය විසින් අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත් මෙමගින් ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීමට උත්සාහ කළත් එහි පැවැති දුර්වලතා නිසා සත්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවිය යුත්තන් සදහා ප්‍රතිලාභ නොලැබුණු බවට පසුගිය කාලයේ වාර්තා වූ බැවින් මෙම දුර්වලතා අවම කර ගැනීමට ප්‍රතිලාභ ලබා දිමේ ක්‍රමවේදය සුදුසුකම් හා ජීවන තත්ත්වය සංවර්ධනය සදහා නිරන්තර ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නිරන්තර වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
මේ ලබා දෙන ප්‍රතිලාභී මුදල ගැන ප්‍රශ්න කළ යුතු බවත් අද වන විට කැරට් කිලෝවක් රු.800ටත් බෝංචි කිලෝවක් රු. 650ක් මිරිස් කිලෝවක් රු.800ක් කරවිල කිලෝවක් 450ක් වැනි විශාල අගයක් ගන්න බවත් ආහාරපානවල මිල ගණන් පවා ඉහළ ගොස් ඇති බවත් මේවාගෙන් ප්‍රතිලාභ ලබන ජනතාව ධාන්‍ය වගාවේ පවා නිරත වන නමුත් ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන බවත් එම නිසා අස්වැසුම වැඩසටහන ගැන ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න රැසක් පැන නැගී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින්.