26.7 C
Colombo
Saturday, August 23, 2025

හිටපු මැති ඇමතිවරු රැසකට හදිසියේම දෙයියෝ බුදුන් සිහිවෙලා

Published:

හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි වාර්තා වෙනවා.

ලංකාදීප වෙබ්අඩවියට මේ පිළීබද මාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ විසින් වාර්තා කර තිබෙනවා.

මෙසේ පුද පූජා පවත්වා ඇති වැඩි පිරිසක් විවිධ දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බවත් ඒ අනුව පසුගිය දිනවල කතරගම දේවාලයට පමණක් හිටපු දේශපාලඥයන් විස්සකට වැඩි පිරිසක් පැමිණ පුද පූජා පවත්වා ඇති බවත් එම වාර්තාවේ සදහන්.

මේ අතර විවිධ චෝදනාවලට ලක්ව සිටින රජයේ උසස් නිලධාරියෙකු පසුගිය දිනක විශේෂ ආරක්ෂාවද සහිතව ගොස් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එම ප්‍රදේශයේ නායක භික්‍ෂූන් වහන්සේලාද හමුවී ආශිර්වාද ලබාගෙන ඇතැයි වාර්තා වෙනවා.

එසේම ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයකුද එරට කෝවිලකදී මහා පරිමාණයේ පූජාවක් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇති බව ලංකාදීප වාර්තාවේ දැක්වෙනවා.

විවිධ දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන් විස්සකට ආසන්න පිරිසක් පසුගිය දිනවල අත්අඩංගුවට ද ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img