23.4 C
Colombo
Friday, November 28, 2025

දුරගමන් බස් රථවලට මූලික තත්ත්ව පරීක්ෂණයක්

Published:

සෑම දුර ගමන් බස් රථයක්ම ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම කර තිබෙනවා.

මේ ක්‍රියාවලිය ලබන මස මුල සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනූව පළමු අදියරේදී කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධික්ෂණය යටතේ එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ සමගාමීව දුර ගමන් විනෝද චාරිකා බස් රථද මෙම තත්ත්ව පරීක්ෂණයට ලක් කිරීම අනිවාර්ය කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනූව එකී තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිදු දුර ගමන් විශේෂ චාරිකාවක් සඳහා අනුමැතිය හිමිනොවනු ඇති බවද දැනගන්නට තිබෙනවා.

එම ක්‍රමවේදය මත කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් ගන්නා බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ලබාගැනීම සිදුකළ යුතු වෙනවා.

මීට අදාළ උපදේශයන් චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ වැඩපිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කිරීමේදී රථවාහන අලුත් වැඩියා කරන සේවා ස්ථාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කරන අතර අනතුරුව යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීමේ බලය ලබාදීමට කටයුතු කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img