දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කෝපා කමිටුව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසා තිබෙනවා.
එහිදී හිටපු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි.
මීට අමතරව පසුගිය වසර 5 ඇතුළත ලබාගත් මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද කෝපා කමිටුව මෙහිදී නිර්දේශ කළා.
මේ අතර, පාර්ලිමේන්තුව ලබන 17 වනදා සිට ලබන 20 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහනධීර පවසනවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබෙනවා.