පරීක්ෂාවකින් තොරව පිටවූ බහළුම් සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර මහතා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එම කන්ටේනර් තුල ආයුධ රැගෙන විත් ඇති බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමිනුයි මේ ලිපිය භාර දී ඇත්තේ.
මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළද මෙතෙක් ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භක කර නොමැති බව ද ජන අරගලයේ පුරවැසිය සංවිධානය පවසනවා.