පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනය අද පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන අතර තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බැවින් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ සම්බන්දව අවධානය යොමු කළ යුතු බවත් එම සංවිධානය පවසනවා.
තවද මාර්ග භාවිත කරන්නන් දෙපස ඇති අනතුරුදායක ප්‍රදේශ පසුකරන විට මේ සම්බන්ධව සැළකිලිමත්වන ලෙසත් එම සංවිධානය මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු කරන ජනතාව අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සිදුකරන්නේ නම් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාව වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා.
මේ අතර යම් ආකාරයක පෙර නායයාම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසත් ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.




Thinking of giving ace888 a go. Website looks slick, but real user reviews are always the best. Good payouts? Responsive support? Let me know! ace888
Been playing on 123betcasino lately, and it’s been treating me well. Hope my lucky streak continues. Go check it for yourself 123betcasino.