‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.
උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබෙනවා.
කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බවට අනුමාන කෙරෙනවා.
මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදින අතර ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 05 වනදා ආරම්භ කෙරුණා.
ඊයේ (06) සහ අද (07) දිනද ව්‍යාතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කළා.