30 C
Colombo
Saturday, July 5, 2025

ජපානයේ ගුවන් යානයක් හදිසියේම අඩි 26,000 ක් පහළට වැටෙයි

Published:

ජපන් ගුවන් සේවයේ බෝයිං 737 යානය අඩි 26,000ක් පහළට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම පසුගිය 30 වැනිදා එරට වේලාවෙන් සවස 6:53ට පමණ සිදුව ඇති බව සඳහන්.

ගුවන් යානය යාන්ත්‍රික දෝෂයකට මුහුණ දී ඇති අතර, එමනිසා මිනිත්තු 10ක කාලයක් ඇතුළත ආසන්න වශයෙන් අඩි 36,000 සිට අඩි 10,500ක් දක්වා වේගයෙන් පහත වැටී තිබෙනවා.

චීනයේ ෂැංහයි සිට ජපානයේ ටෝකියෝ දක්වා ගමන් කරමින් තිබූ යානය හදිසියේම මෙසේ පහළට වැටීම නිසා එහි ගමන් කළ මගීන්ට ඔක්සිජන් මුහුණු ආවරණ පැළඳීමට ද සිදුව තිබෙනවා.

එමෙන්ම මෙම යානයේ මගීන් 191 දෙනෙකු ගමන් කර ඇති බවත්, එම අවස්ථාවේ යානය කඩා වැටෙනු ඇතැයි ඔවුන් බියවූ බවටත්, වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img