26 C
Colombo
Wednesday, October 15, 2025

IMF පස්වන සමාලෝචනයේදී අවධානය යොමුකරන කරුණු

Published:

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ධනාත්මකව පැවතියද, ගෝලීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මෙරට ආර්ථික දැක්මට අවදානම් තත්ත්වයක් ඇති කිරීමට හැකි බවයි ඇයඅවධාරණය කළේ.

පස්වන සමාලේචනයේදී මෙම සාධක ඇගයීමට ලක් කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරින් සමගද සාකච්ඡා කිරීමට ද ඇය බලාපොරොත්තු වනවා.

තවද ගෝලීය වෙළෙඳපොළ සහ ආර්ථික අවිනිශ්චිතතාවයන්ගෙන් ඇතිවිය හැකි බලපෑම සහ ප්‍රතිපත්තිවල ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන් ඇතුළු මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සමස්ත තක්සේරුවක් එහිදී සිදුකරනු ඇති බවයි ජූලි කොසැක් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ප්‍රතිසංස්කරණ තුළින් උද්ධමනය අඩුවීම, වැඩිදියුණු කළ ආදායම් එකතු කිරීම සහ වර්ධනය වන සංචිත ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img