ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.
මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපිං මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට පරිසර අමාත්‍යවරයා විසින් 2024 වසරේ මාර්තු මස 28 වනදා පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණා.
එම එකඟතාවය අනුව වගඋත්තරකරුවන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම මෝසම ඉදිරිපත් කිරීමට සිදුවූ බව පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කියා සිටියා.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා සඳහන් කළේ, නොවැම්බර් මස පළවනදා සිට ෂොපිං මලු සඳහා කිසියම් ගාස්තුවක් අය කිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව එම දැනුම්දීමට පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් එකඟතාව පළ කළ අතර, ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමටද නියම කෙරුණා.




Word on the street is f8beta2con is up-and-coming! The design feels really modern. Give it a try and see if you will like the games: f8beta2con
Looking for a new spot to try my luck, and stumbled upon 100JiliCasinoLink. Anyone else given it a go? Is is worth the shot? Hoping for the best! 100jilicasinolink